ඔන්න අද ගෙනාවෙ ගොඩක් ප්රසිද්ධ නැති ලස්සන Anime එකක් ගැන.
මේකෙ නම තමා Dororo කියන්නෙ.Osamu Tezuka කියන රචකයගේ Dororo කියන manga ආශ්රයෙන් හදපු මේ Anime එක imdb දර්ශකයේ 8.4
අගයක් වෙනව. කොටස් 24කින් යුක්ත මේ කතාමාලාව 2019 වසරෙදි නිකුත් වුනා.ඉතින් මේ කතාව ගැන බැලුවොත්,
මේකෙ ඉන්නව
Hyakkimaru කියල චරිතයක්.මෙයා ඉපදුනු කාලෙදිම පොඩි පිදුරු බෝට්ටුවක දාල ගගක පා කරල දානව. ඉතින් මේ කාලෙදි මේ ප්රදේශය පුරා රාක්ශයෝ ගැවසෙනව. ඉතින් ගග පහල ඉන්න මනුස්සයෙක් මෙයාව හොයාගත්තත් මොහුගේ ඇගේ ගොඩක්ම කොටස් නෑ එතකොටත්.මෙයාගේ
හදවත විතරක් ගැහෙන එක නැවතෙන් නැතුව තිබුනා.ඉතින් මේ මනුස්සයා මෙයාගෙ ඇගට එයා හදපු උපාංග සවි කරනව. ඉතින් මොහු වැඩෙනවත් එක්කම මෙයා ජීවත් වෙන පෙදසටත් රාක්ශයෝ එනව.ඉතින් මේ රාක්ශයෝ එක්ක සටන් කරන්න අර මනුස්සය කියල දෙනව.ඒත් දවසක් මෙහෙම රාක්ශයෙක් එක්ක සටන් කරපු මෙයාට ඒ රාක්ශයා මරනවත් එක්කම ඔහුගේ ඇගේ කොටසක් නැවත එනව.
ඉතින් මෙතනදි තේරෙනව මෙයාට පොඩි කාලෙදි මෙයාගෙ කොටස් එක රාක්ශයන්ට විකුනල කියල එයාගෙ අයිතිකාරයන්.ඒ රාක්ශයයින් හොයල මරන කොට ඔහුගේ ඒ කොටස් නැවත වැඩෙනව. ඉතින් මොහු ජීවත් වුන තැනින් පිටවෙලා යනව මොහුට අයිති කොටස් තියාගෙන ඉන්න රාක්ශයින් හොයාගන්න.
මෙහෙම යද්දි මොහුට හමුවෙනව පොඩි ලමයෙක් Dororo කියල.ඉතින් Dororo ඉන්න කරදරයකින් ඔහු Dororo ව බේරගන්න නිසා Dororo එයා පසුපස ඔහුට උදව් කරන්න යන්න හිතගන්නව.
ඒ ගමන්ම ඔහුගේ හොදම සගය වන්නත් පුලුවන් වෙනව. ඉතින් එක එක තැන්වලදි Dororo විසින් Hyakkimaru ට විවිධ අයුරින් උදව් කරනව.මේ දෙන්නගෙ සමීප සම්බන්ධාතාව ගැන මේ කතාව පුරාවටම තියෙනව. ඉතින් Hyakkimaru ට ඔහුගේ කොටස් හොයාගන්න විදියත් Dororo එක්ක අභියෝග වලට මුහුණ දෙන විදියත් මේ කතාවෙන් බලන්න පුලුවන්
.
ඉතින් මේ වගේ Anime ගැන review, තොරතුරු දැන ගන්න කැමතිනම් අපේ page එකට like දාල follow කරන්න
ඒ වගේම ඔයාල දන්න ඒව අනිත් අයත් එක්ක බෙදගන්න එකතු වෙන්න අපේ Anime Kingdom:Sri Lanka ගෲප් එකට

Sayonara



No comments: