banner image

Death Note | මරණ දැන්වීම !

 


අද ගෙනාවේ IMDB දර්ශකයේ උඩින්ම තියෙන anime series එකක review එකක්. මේකෙ නම Death note . මේක IMDB දර්ශකයේ 9/10 ම අරන් තියෙනව😏🤘🏻 Tsugumi Ohba විසින් ලියපු manga එකක් තමා Anime series එකක් විදියට නිපදවල තියෙන්නෙ.
 

 
 
 
    මේකෙ කතාව ගත්තොත්, Light Yagami කියල තරුණ කොල්ලෙක් ඉන්නව. සුපිරිම බුද්ධියක්💡තියෙන පට්ට වැඩ්ඩෙක්. ඉතින් මෙයාගේ බුද්ධි මට්ටමත් එක්ක Yagami සමාජය දිහා බලන්නෙ පිලිකුලෙන්.මොකද මෙයා දකින සමාජය අපාරාධ හ අපචාර වලින් පිරුණු එකක්.මේ නිසාම මෙයාට ලොකු තරහක් තියෙනව මේ වගේ නීතිය කඩන පුද්ගලයන්ට එරෙහිව. ඒ අතරම තවත් ලෝකයක ,මේක නිකම් රාක්ශයෝ වගේ සෙට් එකක් ජීවත් වෙන තැනක්. මේකෙ ඉන්නව Shinigami Ryuk කියල කෙනෙක්. මෙයා ගාව තමා මේ Deathnote කියන note book එක තියෙන්නෙ. 
 
 
 
 
    මේ ✍🏽Deathnote එකේ විශේශත්වය තමා මේ පොත තියෙන කෙනාට කෙනෙක්ගෙ නමයි එයාගෙ රූපය පැහදිලි මතකයක් තියෙනවනම් ඒ කෙනාගේ නම ලියල මැරෙන විදියකුත් ලියන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් ආයි මොනවද?😂නමේ අයිතිකාරය ඒ කියල තියෙන විදියටම වලකජ්ජ ගහනව😌ඉතින් මේ Ryuk කියන කෙනා මෙයාගෙ Deathnote එක පෘතුවියට වීසි කරනව🤦🏻‍♂️මේකෙ අහුවෙන්නෙ අපේ Yagami කියන කෙනාට.මේකෙ තියෙනව මේ පොත පාවිච්චි කරන්න ඕනෙ උපදෙස් මාලාවකුත්(ගින්නට පිදුරු දැම්ම වගේ තමා ඉතින්😑) ඉතින් මේ Yagami මේ පොත පාවිච්චි කරල මේ ලෝකේ තියෙන නපුරු මිනිස්සුන්ව මරනව.මෙයාට ඕනේ මේ ලෝකය අපරාධ වලින් තොර ලෝකයක් කරන්න.ඉතින් මේකට Yagami තව කට්ටිය එක්ක එකතු වෙලා ක්රියාතමක කරනව.මේ විදියට අපරාධ කරපු මිනිස්සු මැරෙන එක ගැන සාමන්ය මිනිස්සු කැමති වුනත් පොලිසිය දකින්නෙ මේව මිනිමැරුම් විදියට ඉතින් මෙයාව අල්ලගන්න කියල එක්කනෙක් එවනව මෙයා L 🤨. ඉතින් L සහ Yagami අතර තියෙන සටන ගැන තමා මේ කතාවෙ ගලායන්නෙ. කියන්න ඕනෙ L කියන්නෙත් ලේසි පාසු එකෙක් වෙන්නෙනම් නෑ.නම ලිව්ව ගමන් මැරෙන පොතක් තියෙන කෙනෙක් එක්ක සටන් කරනව කියෙන්නෙම ඉතින්😏🤘🏻❤️ 
 
 
Plz මේ post එකේ වැරද්දක් තියේනම් කියන්න. ඒ වගේම බලපු නැති කට්ටිය හොයාගෙන බලන්න අනිවාරෙන්.එච්චරට සුපිරියක්.❤️✋🏻 ඒ වගේම මේ review එක ගැන හිතෙන දේත් කියන්න.
 
එහෙනම් Anime fans
Sayōnara😏🤘🏻

No comments:

Powered by Blogger.