banner image

Hunter x Hunter

 

    අද කියන්නෙ Anime බලන ගොඩක් අය බලපු ගොඩක් අය ආස series එකක් ගැන.මේකෙ නම Hunter x Hunter 👉🏻( x කියන එක නම කියද්දි ශබ්ද වෙන්නෙ නෑ).මේ කතාව imdb දර්ශකයේ 8.9😐ක අගයක් අරගෙන තියෙනව. ඉතින් මේ කතාව Yoshihiro Togashi කියන රචකයගේ Hunter x Hunter කියන manga එකෙන්.
 
ඉතින් මේකෙ කතාව දිහාවට හැරුනොත්, මේ කතාවෙ ප්රධාන චරිතය තමා Gon Freeces(ගොන් ෆ්රීසස්)කියන්නේ. 🤭මෙයාගෙ තාත්තා පොඩි කාලෙම Gon ව එයාගෙ නැන්දට භාර දීල hunter exam කියන විභාගෙට යනව. මේ විභාගය ලෝකෙ ගොඩක්ම අමාරු එකක් කියල සලකන්නෙ. Gon ගේ තාත්ත එහෙම ගියාට ආයිත් එන්නෙ නෑ Gonව බලන්න. ඉතින් මේ Gonත් යනව තාත්තව හොයන්න කියල hunter exam එකට මූන දෙන්න.🤩මේකෙදි Gon ට යාලුවෝ 3ක් හම්බවෙනව. Leorio(ලියෝරියෝ)kurapika(කුරපිකා)ඒ වගේම Gonගේ හොදම යාලුව වෙන ❤️killua(කිලුආ). ඉතින් Gon මෙයාගේ අලුත් යාලුවොත් එක්ක hunter exam එකට මුහුණ දෙන විදිය තමා තියෙන්නෙ.ඊට පස්සෙ මේ අය බෙදිලා එයාලගේ අරමුණු හොයාගෙන ගියත් සමහර තැන්වල දී ආයි මේ හතරදෙන එකතු වෙලා වැඩ කරන වෙලාවලුත් තිබ්බ. ඉතින් Gonගේ සහයට හැමතිස්සෙම ඉන්නෙ මෙයාගෙ හොදම යාලුවා වෙන killua. ඉතින් මේ දෙන්නත් එක්ක හම්බ වෙන අභියෝග වලට එරෙහිව සටන් වදින එක,ප්රශ්න ආවම විසද ගන්න විදිය මේ කතාවෙ ලස්සන ට හදල තියෙනව.මේ කතාවේ කතා සමයන් 6ක් තියෙනව🤘🏻. මේ හයේ තියෙන්නෙ Gon එයාගෙ යාලුවොත් එක්ක එයාගෙ තාත්තව හොයන එක තමා.මෙයාලට එක එක හතුරන්ට මුහුන දෙන්න වෙනව.ඒ අතරින් විශේෂ කීප දෙනෙක් ඉන්නව

Hisoka,Mareum,Spider( ඕක ටීම් එකක්) ඉතින් මේ වගේ හතුරන්ට මුහුන දීල සටන් කරල දිනන විදිය තමා මේ කතාවෙ තියෙන්නෙ. Anime බලන කෙනෙක් බලන්නම ඕන කතාවක් කියල අනිවාර්යයෙන් නිර්දේශ කරන්න පුලුවන් කතාවක්. ඔයාගේ කවුරු හරි Anime බලපු නැති යාලුවෙක් ඉන්නවනම් Anime බලන එක පටන් ගන්න හොද තැනක්....
ඒ වගේම මේ වගේ Anime ගැන අලුත් දේවල් දැන ගන්න ඕන්නම් අපේ page එකට like එකක් දාන්න.ඒ වගේම ඔයා දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න අපේ Anime kingdom:Sri Lanka ගෲප් එකට එකතු වෙන්න.
 
Sayōnara😏🤘🏻❤️

No comments:

Powered by Blogger.